Wednesday, December 26, 2012

මිතුදමේ සුමිහිරි මතක සටහන් හා වියැකුනු මිතුදම

අපි හැමොටම යාලුවෝ ඉන්නවා සමහර අයට ගොඩාක් ඉන්නවා සමහර අයට චුට්ටයි ඉන්නේ. ඒත් මගේ ස්කොලේ කාලේ මට යාලුවො ගොඩාක් හිටියා. ඒකට හේතුව තමයි මං කොච්චරවත් කියවගත්ත ගමන් හිටියේ. මට ඕනි හැම වෙලේම හිනා වෙලා ඉන්න. ඉතින් මං පොඩි එකා වගේ ඔහේ කියව කියව ඉන්නවා. සමහර අයට මං කට ඇරියත් හිනා යනවලු. මට මතකයි 8 වසරෙදි එහා පැත්තේ ක්ලාස් එකේ මං වගේම පිස්සො සෙට් එකක් හිටියා  මාත් ඉතින් ඉන්ට්වල් එකෙ උන්ට සෙට් වෙලා බඩ පැලෙන්න හිනා වෙවි ඉන්නවා. බෙල් එක ගැහුවාම උන් මට යන්න දෙන්නැහැ හොරෙන් ඉමු කියලා  අතින් ඇදගෙන ඉන්නවා. මාර ගේමක් දීලා අමාරුවෙන් තමයි පැන ගන්නේ. ඉන්න කිව්වට අහු උනාම බැනුම් අහන්නෙ මං විතරනේ.


පොඩි ස්කොලෙන් ලොකු ස්කොලෙට එද්දි ඒ කියන්නෙ 5 වසරෙන් 6 වසරට එද්දි යාලුවෝ ගොඩක් හිටියට හොදම යාලුවෙක් කියලා කෙනෙක් එහෙමටම හිටියේ නැ. මතක් වෙන චරිතකට ඉන්නේ සුමේදා කියලා යාලුවෙක් එක්ක හැම වේලේම හිටියා වගේ. ලොකු ස්කොලෙට ආවම අපි දෙන්නා ක්ලාස් දෙකකට වැ‍ටුනා. ඉතින් හම්බුන වෙලාවක කතා කරනවා ඇරෙන්න හොදම යාලුවෙක් උනෙ නැ.


ඔන්න 7 වසරෙදි අපිට කැමති ආට් සබ්ජෙට් එකක් තොර ගන්න තිබුනනෙ. මං ඉතින් පොර වගේ චිත්‍ර තෝර ගන්නවා මොකද අම්මා මාව 5 වසරෙදි චිත්‍ර පන්තියකට දැම්මා හැබැයි දවස් 2ක් විතර ගියේ. චිත්‍ර වලට යනකොට මිහිලි මායි ඉතින් හැමදාම එකට තමයි අර්ට් රූම් එකට ගියේ. ඊට පස්සේ එයා මගේ හොදම යාලුවා වෙනවා පස්සේ බැලින්නං එයා චිත්‍ර මිස් ගේ දුව. ඒ කාලේ ඉතින් විෂයන් 10ක් විතර තිබුනනෙ ඒත් මට විභාගෙට බයක් නැති එකම විෂය තමයි චිත්‍ර. පැන්සල් ඉරක් ඇන්දත් ලකුණු 80ක් විතර ෂුවර්. මොකද ඉතින් දුවට දෙද්දි යාලුවටත් දෙන්න ඔනිනේ නැත්තං හරි නැනේ ;)

මිහිලිත් මං වගේ හිනා වෙන්න ගත්තම ඉවරයක් නැහැ. අපි දෙන්නා මැරෙන්න තරං හිනා උන හේතු 2ක් තිබුනා එකක් තමයි. අපේ 7 වසරේ පන්ති භාර මිස් මාර සැරයි. එයාගේ නම මායා. එයා වයසයි ඒ හින්දද මංදා සැරයි කියන්නේ එයාට තරහ ගියාම පාලනය කරගන්න බැ අහු වෙච්ච එකෙන් දමලා ගහනවා. ඉතින් හැමදාම එයාගෙ මේසේ ලග ඉන්න කණ්ඩායමේ ළමයිගේ පොත්, පැන්සල් පෙට්ටි එහෙම අහසේ පාවෙනවා. දවසක් ලැබ් එකෙන් ගෙනාපු හුලං පෙත්තක් විසි කරලා ඒක දෙකට කැඩුනා. අපි එයාට කොච්චර බයද කියනවානං එයා ක්ලාස් එකේ ඉද්දි කිසිම දෙයක් මේසේ උඩ තියන්නේ නැහැ. බැරි වෙලාවත් එහෙම තියලා එයා විසි කරොත් එයා යනකං ඉදලා තමයි අහුලන් එන්නේ. එයා බනිනෙත් හරි අමුතු විදියට. ඉතින් අපි එයාව අනුකරණය කරලා හිනා වෙනවා.  ඒ දවස් වල අපි දෙන්නගෙ ‍ෆිට් එකක් හිටියා සුමුදුනි කියලා එයාට තිබුනේ අමුතුම පිස්සුවක් අපි 8 වසරේ ඉද්දි තමයි භාතිය සංතුශ් ප්‍රසිද්ද වෙන්න ගත්තෙ. මේයාට ඉතින් ඔය දෙන්න කිව්වොත් කන්න ඔනෙත් නැ. එක එක බොරු කතා ගොත ගොතා කියනවා ඇත්ත වගේ. අපි ඉතින් ඇත්ත වගේ ඒවා අහන් ඉදලා එයා ගියාට පස්සේ බඩ අල්ලන් හිනා වෙනවා.

ඔන්න දවසක් මොකක් හරි සීන් එකක් ගිහින් එයයි මායි තරහ උනා මට දැන් ඒ සීන් එක මතක නෑ. ඊට පස්සෙ අපේ කණ්ඩායමේ කට්ටිය දෙකට බෙදුනා. කට්ටියක් මගේ පත්තෙ කට්ටියක් එයගේ පත්තේ. කවුරුවත් බැන ගත්තෙ නෑ වලිය උත්සන්න වෙන්න ගත්තෙ දෙගොල්ලොම හින්ට් ගහන්න ගත්ත නිසායි එයා හැමදේම අම්මා එක්ක කියලා මට බැන්නපු නිසයි. බැන්නා කිව්වට ඉතින් මිස් මට කිව්වේ "ඇයි පුතේ රන්ඩු වෙන්නේ බොරුවට ඕගොල්ලෝ යාලුවෝ නේද කියලා". ඊට පස්සේ ඉතින් වලිය ශේප් උනාට මං එයත් එක්ක වැඩිය කතාවට ගියේ නැ. ඒ අවුරුද්දත් එහෙම්ම ගෙවිල ගියා.

මගේ ජිවිතේ ලබපු අත්දැකීම් සහ අත්විදීම් එක්ක මං දකින දෙයක් තමයි පාසල් කාලේ 9,10 වසර වල් කියන්නේ ජිවිතේ තීරණාත්මක කාලයක්. මං එහෙම කිව්වේ මෙච්චරකල් අම්මාගෙනුයි තාත්තාගෙනුයි තුලින් ලෝකය දකින්න උත්සහ කල අපි මුලින්ම සමාජයට අඩිය තියන්නේ ඔය කාලේ නිසා. ඒක එහෙම වෙන්නේ ටියුෂන් මේනියාවත් එක්ක. ඔය කාලෙදි අපි හිතන්නේ අපි තරං ලොක්කෝ තවත් නැ වගේ. දැන් ඕගොල්ලො බලයි මොකක් ගැනදා මෙයා මේ කියන්න දගලන්නේ කියලා.
එහෙනන් කියවන්නකො හොද හුස්මක් එහෙම අරන්. 8 වසරෙන් 9 වසරට එද්දි ක්ලාස් කඩනවා. ඒ කියන්නේ ඉතින් ළමයි මාරු කරනවා කියන එකටනේ. කොහොම කොහොම හරි මං වැ‍ටුනේ නෙලුම් ක්ලාස් එකට. අපේ ක්ලාස් එකට වැටිලා තිබුනේ මරුම සෙට් එකක්. වල බහින සෙට් එකකුත් නෙවෙයි පොත් ගුල්ලොත් නෙවෙයි. කොහෙට වත් නැති අතර මැදි සෙට් එකක්.

No comments:

Post a Comment