Wednesday, December 26, 2012

පිවිසුමට මත්තෙන්

බ්ලොග් එකක් ලියනවා කියන්නෙත් එක්තරා කලාවක් ඒක හරියට පොතක් ලියනවා වගෙ වැඩක්. බ්ලොග් එකක් මුලින්ම කියෙව්වේ මුනු පොතේ හිටිය යාලුවෙක්ගෙන්. එයා ගියපු පන්තියක දවස ගානේ යාලුවොත් එක්ක කරපු පිස්සු වැඩ එයාගේ බ්ලොග් එකේ මාර ලස්සනට ලියලා තිබුනා. එයාගෙ නං වචන ගැලපිම මට වඩා ගොඩක් උසස්. ඊට පස්සේ කියෙව්වා මගේ ඉස්කොලේ යාලුවෙක්ගේ එකක් එයා එයාගේ අම්මා ගැන ලස්සන කතාවක් ලියලා තිබුන ඒක මාර සංවේදි ලිපියක්. මේ බ්ලොග් කෙරුවාව මටත් කරන්න හිතුනෙ ඔන්න ඔහොම.මේක ඇවිල්ලා මහගම සේකරවත් මාටින් වික්‍රමසිංහවත් වීමට දරන අනුවන උත්සහයක් නොව හුදෙක්ම මගෙ රසවින්දනය හා පාලුව මකා ගැනිම උදෙසා කරන වැයමක් වන බැවින් මෙහි කතුවරයා සහ රසිකයා යන දෙපර්ෂවයම මා පමණි.


පිවිසුමට මත්තෙන් කියලා මුල්ම පොස්ට් එක දාන්න හිතුනේ ගහෙන් ගෙඩි එනවා වගෙ ඕනම දෙයකට ආරම්භයක් තියෙන්න ඕනේ නිසා ;) දැන් ඉතින් පටන් ගත්ත වගේ බෙරේ ගහන්නත් වෙනවා.

හැමෝටම තමන්ට ආවේණික වෙච්ච ජිවිත කතාවක් තියෙනවා. අපි මේ ගතකරන හැම තප්පරයකින්ම ඒ ජිවිත කතාවට අලුත් දෙයක් එකතු වෙනවා.ඒ වගේම ඒ හැම දෙයක්ම අපි පහු කරපු හැම  තප්පරයක් නිසා අතීතයට එකතු වෙනවා මොකද ඒ තප්පරය ආයේ එන්නේ නැති නිසා. ඔන්න ඔතනදි තමයි කාලය රත්තරං වලට සමාන වෙන්නේ. ඒක හරියට පොතක පි‍ටු පෙරලනවා වගේ. එතකොට එහෙම පහු කරන් යන ඒවට කියනවා මතකයන් කියලා. ඒ මතකයන් සුන්දර වෙන්නත් පුලුවන් එහෙම නොවෙන්නත් පුලුවන් ඒක තීරණය වෙන්නේ අපි ඒ වෙලේ එක ගතකරපු විදිය අනුව. මගේ ආර්ඵික විද්‍යව උගන්නපු ගුරුවරි හැම වෙලේම කියපු කතාවක් තිබුනා ඒ තමයි "ඒ මොහොත ඒ දෙයින් ගෙවන්න කියලා". ඒ දවස් වල එයා කියපු ගොඩක් දේවල් අපේ ටිකිරි මොලේට ග්‍රික් වගේ. ඕකත් එහෙම එකක්. හැබැයි දැන් හිතෙනවා එයා ඒ කිව්වේ ඒ ගෙවෙන මොහොත ආයේ කවදාවත් ආපහු එන්නේ නැති නිසා කියලා.

ගොඩාක් අය කියනවා සමනලයෙක් වගේ නිදසේ ඉන්න ආසයි කියලා ඒත් මට නං ඕනි සමනල පිහා‍ටුව වෙන්න. ඕගොල්ලන්ට හිතෙයි පිස්සුවක්නේ පිහා‍ටුව වැඩ දාන්නේ හුලං තියෙන කං විතරයි කියලා. ඇත්ත. ඒත් හිතෙන්නැද්ද ඒ ටික වෙලාවට හරි පිහා‍ටුව නිදහස කියන දේ උපරිම ලබනවා නේද කියලා.

අනිත් අයට කොහොමද මං දන්නෙ නැ මගේ ජිවිතේ නං හබලක් නැති ඔරුවක් වගේ ඔහේ ගසාගෙන යනවා. අම්මා, තාත්තා, අක්කා, නංගි (ඒ කියන්නෙ ගෙදර අය), නෑයො (ඉන්නවා නැ වගේ) යාලුවෝ( 100ක් විතර) ඇයි එතකොට අරයා ;)), තව ඉතින් ගොඩක් අය ඉන්නවා ඒත් වෙලාවකට හිතෙනවා මේ කවුරු ලග හිටියත් තනි වෙලා වගේ. මේ දැනුත් එහෙම හිතිච්ච වෙලාවක් තමයි.

No comments:

Post a Comment