Wednesday, December 26, 2012

ලපටි මතකයෙන් බිදක්..

එකදහස් නවසිය අසු ගණන් වල අන්තිම පුරුක් තමයි අපි. මං එහෙම කිව්වේ 89 නිසා. ඒ කාලේ ජේ. ව්. පි කලබල තිබුනලු. අපේ අම්මට එයාගේ දෙවෙනි දුව හම්බුනේ ඔන්න ඔය කාලේ තමයි. පොඩි කාලේ මං එයා කියන දේ අහුවේ නැති වෙලාවක මට කියන්නේ මං  ඉපදෙච්ච කාලේ වැ‍රැද්දක්ලු. මොකද මං පොඩි කාලේ ඉදන්ම දගකාර, කටකාර ඒ වගේම විසේකාර චරිතයක්.  ඒකට හේතුවත් ඉතින් අපේ අම්මාම තමයි. ඒ කතාව පස්සේ. 

අපේ අක්කා ඉපදිලා අවු‍රැද්දයි මාස දෙකකින් තමයි මං ඉපදුනේ. ඉතින් අම්මා මට කිරි දෙනකොට අක්කා ලගට වෙලා කිලි කිලි කියා කියා මට කතා කරනවලු. ඔය නම දැන් කිරී වෙලා තාමත් මුන් මට කියනවනේ අම්මපා. ගෙදර අය නං කමක් නැ කියමුකෝ නෑයෝ එතකොට ගමේ අය අන්තිමට ස්කොලේ යාලුවෝ පවා දැනටත් කිරී කිරී ගානවනේ හරියට අම්මගෙන් කිරි බිපු එකම ළමයා මං වගේ. ඒකත් කිරී කියනවනන් හිත හදා ගන්න තිබ්බා කිරියා කියද්දි නං මට අපේ අක්කාව තමයි ඉතින් මතක් වෙන්නේ.ඒ මං කිරී වෙච්ච හැටි.


අක්කායි මායි අතර තිබුනේ අඩු වයස් පරතරයක් නිසා පොඩි කාලෙ ඉදන්ම අපි දෙන්නා එකටමයි ඉදලා තියෙන්නේ. හැබැයි මගේ වැඩේම පොඩ්ඩ බැරි වෙන්න අක්කට ගහන එකලු. ඉතින් අම්මා ඇවිල්ලා අක්කා පව් පුතේ ගහන්නෙපා කිව්වම ආදරෙන් ඉදලා ටික වෙලාවකින් අයේ ගහනවලු. ඔන්න දවසක් මං අක්කට ගහලා එයා දැන් හොදටම අඩනවලු. එතකොට මට අවුරුදු 2 විතර . මේක හරියන්නැහැ කියලා අම්මා, අක්කාව කොහේ හරි  ගෙනියනවා කියලා එක්කන් ගිහින් එහා පැත්තෙ ඇන්ටිලාගේ ගෙදර තියලා ඇවිල්ලා මට කිව්වාලු අක්කා වෙන ඇන්ටි කෙනෙක් ඉල්ලන් ගියා අයේ එන්නේ නැ කියලා. මං ටික වෙලාවක් යනකං ගනක් නැතුව ඉදලා එක පාරටම මර හඩ දිලා අඩන්න ගත්තාලු අක්කා ඕනි කියලා. බේරෙන්න බැරි තැන අම්මා ගිහින් ආපහු එක්කන් ආවලු. එකෙත් හොදම සීන් එක කියන්නේ පැයක් වත් යන්න ඉස්සෙල්ලා මං ආයේ අක්කට ගහලනේ.



No comments:

Post a Comment